Wednesday, July 24, 2013

දමිතට දැවැද්දට ළමයි දෙන්නෙක්


damitha-aberathna-25713ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්න පසුගිය දිනවල කිව්වෙ ඉක්මනින්ම විවාහවන බවයි. නමුත් විවාහ වීමට සුදානමින් සිටිනා බවත් තමන්ගේ කාර්‍ය බහුලත්වය නිසා විවාහය ලබන වසරට කල්ගිය බවත් ඊයේ පෙරේදා කියනවා ඇහුණි.
ඉතින් ආදරයට ජාති බේද නෑ කියනවනේ. සල්ලි වලටත් ජාති බේද නෑ. කොයික නමුත් ඇය විවාහ වීමට සිටින පුද්ගලයා නැත්නම් පෙම්වතා දෙමළ ජාතිකයක් කියලයි mirrorgirlට ආරංචි. ඒක එහෙම නම් ඒක හොඳ ‍තෝරා ගැනීමක් කියල අපිත් කියනවා.
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ඔහු දැනටමත් ඉන්දියාවේ විවාහකයකු බවට තියෙන ආරංචියයි. ඒ විතරක්නම් මැදෑ දමිතාට විවාහයේ දැවැද්ද ලෙස ඔහුගේ දරුවනුත් භාරගැනීමට සිදුවෙන ලකුණුත් පහල වෙලාලු. මොකද තවමත් ඔහු, ඔහුගේ පළමු කසාදයෙන් දික්කසාද වෙලා නැති නිසාලු.
කොහොම වෙතත් දමිතාගේ විවාහය ලබන වසරට කල් ගියේ ඇත්තටම ඇයගේ කාර්‍ය බහුලත්වය නිසාද? නැතිනම් ඇයගේ පෙම්වතාගේ දික්කසාදය නොලැබුණ නිසාද? යන්න දන්නේ දමිතාම පමණි

පට්ට කෑලි සහ ලොන්ත කෑලි


beauty-girlජන සමාජය දේශිය හෝ විදේශීය වශයෙන් වේවා එසේත් නැතිනම් සංහතිය ලෙස මිනිසුන් වේවා විවිධ දේ ඇසුරින් දියුණු වෙමින් පවතින්නේ යැයි කියනු ලැබේ.
එසේ දියුණු වූ සංහතියක් තුළ දක්නය ඇති තාක්ෂණික හෝ නිපුණතාමය ලක්ෂණයන්ගෙන් වියුක්ත වූ අවශේෂ හෝ ආශ්‍රය විෂයන්හිදී ද මෙම දියුණුව සාධාරණ මට්ටමකින් පෙන්නුම් කරන්නේ නම් එවැනි සංහතිමය දියුණුවක් අත්කර ගත්තේ යැයි විස්වාස කළ හැකිය.
එසේ නොවන්නේ නම්, එය එක්කෝ දියුණුව යන සංකල්පයේ හෝ වචනයේ වරදක් විය යුතුය. එසේත් නැතිනම්, අප දියුණුව ලෙස හදුනාගෙන ඇති දේවල්හි සහ ඇත්ත වශයෙන්ම සිදුවෙනමින් පවත්නා දේවල් හි වෙනසක් පවතියි.

රටේ ආර්ථික සංවර්ධනය පිළිබද හෝ වෙනත් දෙයක් පිළිබද බරට හා පුරසාරම් ලීලාවෙන් කතා කරමින් සිටිනා ඇතැම්හු අගවිනිසුරුවරිය හා තවත් අයෙකු සම්බන්ධයෙන් වන අයතා පෙම් සබදතාවක් පිළිබද ඉතාම නොදියුණු ලෙස තලු මරමින් පට්ට ගසමින් සිටියහ. මෙහිලා ඇය විසින් එවැන්නක් කරමින් සිටිනවා ද එසේත් නැතිනම් එසේ නොකරන්නේ ද යන්න පිළිබද තක්සේරු කිරීම, අවතක්සේරු කිරීම හෝ අදිතක්සේරු කිරීම අරමුණු කර නොගනිමි.

එසේ වුව ද, එසේ චෝදනා කරනු ලබන ආකාරයේ සිද්ධියක් සම්බන්ධයෙන් දියුණු සමාජයක් බව ලේඛණගතව ඔප්පු කර ගැනීමට උත්සාහ කරගන්නා කොළඹුන් මෙන්ම කොළඹුන් විසින් නොදියුණු යැයි අවලාද නගනා ගම්මුන් ද හැසිරෙන්නේ එකම ආකාරයකින් බැව් හැගේ. ‘දයාවතීගෙ කෙල්ල, සුමනපාලගෙ කොල්ලත් එක්ක පැනල ගිහිල්ලලු. ලබන මාසෙ වෙන එකෙක් එක්ක දීග යන්නලුත්නෙ හිටියෙ‘ කියන කතාවේ සහ ටයි කෝට් දමා ගනිමින්, විෂමාචාරය, ව්‍යභිචාරය හෝ වෙනත් වාග් විලාෂයන් භාවිත කරමින් කෙරෙන මෙම චෝදනා ද වාග් කෝෂමය දියුණු හෝ දියුණු නොවූ වශයෙන් හෝ සංවර්ධනය වූ හෝ ප්‍රත්‍යන්ත වශයෙන් පවත්නා වෙනසක් හැර වෙනස් වූ වෙනසක් දක්නට නොලැබේ.

beauty-girl.24713-1

ලියුම්කරුවා විසින් යටකී ශීර්ෂයෙන් වැඩිදුර කියවාගැනීම ආරම්භ කරනු ලැබූයේ, ‘පට්ට කෑල්ලකට ජැකක් තිබ්බ‘ යැයි නාදුනන එකෙකු විසින් තවත් එවැනිම නාදුනන එකෙකු වෙනුවෙන් කී කතාවක් ඇසීමෙන් පසුවය. ඔහු ඒ වන විටත් බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් අත දරා සිටි අතර ඉනික්බිති පැමිණි ඇමතුමකට ආචාරශීලී හා ගැඹූරු භාවයකින් යුක්තව පිළිතුරු දිණි.

මොරටුවේ පිහිටි පල්ලියක් පිළිබද තවත් එකෙකු සමග කතා කරමින් සිටින විට, ‘අම්මටසිරි, ඒකට බහින්නෙ පට්ට කෑලි‘ යැයි කියා සිටියේය.

වැඩි රූමත් භාවයක් හෝ ‘ෆැෂන්‘ වැඩිපුර නොකරන තරුණියක් සරසවියේ ඇවිදයමින් සිටින විට ඈ වෙත එකෙකු විසින් උසුළු කිරීමෙන් පසු, ‘ලොන්ත කෑලි ෆෝම් කරන්න එපා බං‘ යැයි කියා සිටීමේ අත්දැකීමක් මින් පෙර භුක්ති විද සිටිමි. මහනුවර එක් පාසලක් පිළිබද කතා කිරීමේදී, ‘අපෝ, කොච්චර ලස්සන වුණත්, ඒකෙ යුනිෆෝම් එක ඇන්දම ලොන්ත කෑලි වෙනව‘ යැයි කොළඹට වී නුවර පාසල් කිහිපයක් පිළිබද අත්දැකීම් බෙදා ගැනීමේදී විටෙක අයෙක් කියා සිටියේය.

ලොන්ත කෑල්ලක් සහ පට්ට කෑල්ලක් වෙන් කර ගනු ලබන්නේ කෙසේ ද. ලෙහා ගැනීමට තරම් දෙයක් නැති වුව ද කෑල්ලක් යනු, වයස අවුරුදු දහසයත් තිහත් අතර තරම් වන වයසේ හෝ තිහේ දශකයේ මැද භාගයට ලගා වෙමින් සිටිනා එපමණ වයස නොපෙනෙනා ස්ත්‍රීන්ය. මේ සත්‍රීන් පට්ට හෝ ලොන්ත වන්නේ හෝ එසේ වෙන් කර ගන්නේ කෙසේ ද. ‘ලස්සන‘ සාපේක්ෂ බව ප්‍රකට කරුණකි. ඒ අනුව. එකෙකුට පට්ට වන අයෙක් තවත් අයෙකුට ලොන්ත වනු ඇත.

කෙසේ වුව ද, එකිනෙකාට සාපකේෂව පට්ට හෝ වේවා ලොන්ත හෝ වේවා ස්ත්‍රියක කියවා ගැනීමේ හා ඇය වෙනුවෙන් ලබා දිය යුතු සමාජ වටිනාකම සම්බන්ධයෙන් බරපතල හිඩැසක් තවමත් මෙම සමාජ ක්‍රමය තුළ පවත්නා බව කිව යුතුය. තිසර ජෝඩුවක් වැනි පිරිපුන් දෙතන ද ආකාර්ශනීය ශරීර දේහයක් ද ඊට සරිසල ඇදුමකින් ද සුසැදි කාන්තාවන් පට්ට බවේ සංඛේතීය ලක්ෂණය වේ. වර්ණය ද මෙහිලා වැදගත් සාධකයක් වේ.

නමුත්, කෑල්ලක් පට්ට හෝ ලොන්ත භාවයට ගොනු කිරීමේදී දියුණු සමාජය විසින් අමතක කරනු ලැබූ දියුණු මිනුම් කිහිපයක් පිළිබද සිහියට එයි. ‘පොතක පිටකවරයකින් පොතක් මනින්න එපා‘ යැයි මහත්මා ගාන්ධි විසින් ස්වකීය චරිතාපදානයේ ලියා ඇත. එසේම, මෙය යළිත් වරක් ලුවී ෆිෂර් විසින් රචිත මහත්මා ගාන්ධි නම් පොතේ ද සදහන් කර ඇත. ඒ අනුව, ව්‍යවහාරික භාවිතය අනුව කෑල්ලක් ද පට්ට හෝ ලොන්ත වීම කෙරෙහි බලපාන පිටකවරයේ සදහන් නොවන ලක්ෂන කිහිපයක් පිළිබද අවධානය යොමු කරනු කැමැත්තෙමි. කෑල්ලක් පට්ට වීමට නම්, පළමුව ම කෑල්ල තනිව රවුම් කර කියවා ගැනීම ආරම්භ කළ යුතුය.

beauty-girl.24713-2
හෙරෝයින් භාවිත කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ගුවන් සේවිකාවක පිළිබද අප දණියි. ඇය පට්ට කෑල්ලක් බවට බැලූ බැල්මට කියවා ගත හැකිය. නමුත්, ඇගේ අභ්‍යන්තරය නොදියුණු හෝ දියුණු සමාජයකට සුදුසු නොවන තරම් ලොන්ත වී ඇත. මිනී මැරීමේ චෝදනාවේ සිට සොරකම් කිරීම, ව්‍යභිචාරය, හිතේ හැටියට අරක්කු හා සිගරට් බීම හරහා තම පෙම්වතාට සහ සැමියාට කුණුහරුපයෙන් බැණ වදින තත්ත්වය දක්වා ද වංචාවන් හා දූෂණයන් සම්බන්ධයෙන් නැඹුරුවක් ඇති වීම දක්වා වන සිද්ධීන්ට අනුව, එසේ එවැනි දේ සිදු කරන්නේ නම්, භාහිරින් කුමන පට්ටභාවයක් දක්නට ලැබුණ ද ඒ කෑල්ල කොයිතරම් නම් ලොන්ත වන්නේ දැයි හැගේ.

සමාජ ක්‍රමයක් දියුණු වීමේ දී කෑලි, පට්ට විය යුතුය. නමුත්, යළි යළිත් කියා සිටින්නේ ව්‍යවහාරයේ එන කෑල්ලක් නොදියුණු හා ලොන්ත ලක්ෂණවලින් යුක්ත වන්නේ නම්, ඒ පට්ට භාවයෙන් ඇති ප්‍රතිඵලය කුමක් ද. කෙසේ වුව ද සමාජ ක්‍රමය නිරන්තරයෙන් භෞතික හෝ පාරිසරික දියුණු භාවයන් පෙන්වමින් ‘පට්ට‘ වෙමින් සංස්කෘතිමය වශයෙන් ලොන්ත වෙමින් පවත්නා අවදියක, ‘කෑල්ලක්‘ කෙරෙහි පවත්නා වටිනාකම හෝ පට්ට හෝ ලොන්ත භාවය තීරණය වන්නේ ද ඊට අනුලෝමව සමානුපාතිකවමය.

ඇතැම් විට, නූතන පට්ට භාවයට සාපේක්ෂව අපේ මව්වරුන්ගේ යුගයේ ගැහැණුන් එතරම් පට්ට නොවුණා විය හැකිය. නමුත්, ඔවුන් පට්ට වන්නේ, ඔවුන් තුළ පවත්නා සංස්කෘතික දියුණුවේ හා සාරයන්ගේ පට්ට භාවයත් සමගිනි. ඇසින් දැක පට්ට බව තීරණය කිරීමට තරම් සමාජය ලොන්ත නොවන්නේ නම්, සංස්කෘතිකමය වශයෙන් ලොන්ත වී ඇති ‘කෑලි‘ පමණත් නොව මුළු මහත් සමාජයම පට්ට කර ගැනීමේ ක්‍රියාන්විතයක් දියත් කළ යුතුය.

ලොන්ත සමාජයක ලොන්ත වූ මිමි අනුව, ඇඟ පසඟ මත පට්ට හෝ ලොන්ත බව තීරණය කිරීමේ නොදියුණු ලක්ෂණයේදී, තම ස්වාමියාට හොරෙන් වෙනත් අයෙකු සමඟ නිදි වදින හෝ මල් කඩන පට්ට කඳක් සහිත පට්ට කෑල්ලකට වඩා, සංස්කෘතිකමය දියුණුවක් ඇති ඇ පසගින් ලොන්ත වන නමුත් අභ්‍යන්තරයෙන් පට්ට වන කෑලි කොයිතරම්නම් අගනේ ද. එහෙයින්, කෑල්ලක් පට්ට වීම හෝ ලොන්ත වීම තීරණය කිරීමේ තීරණාත්මක මිනුම් දණ්ඩ ලෙස, ඔබේ මව විසින් ඔබට දක්වන දයාව, ස්නේහය හෝ කරුණාව මිනුමක් කර ගැන්න යැයි ආරාධනා කරමි.

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන්..Nadeesha Hemamali

නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදී වත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැ.

නමුත් නුදුරු කාලයක දී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇයගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව අප වෙත දැක ගන්නට මෙන්ම, දැන ගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.
කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා.

ඊට පසුව හපුතලේ පැත්තෙ කිතල ඇල්ල, රත්මල්යාය ආරණ්‍යයේ භාවනායෝගීව සිටියා දින පහක් පමණ. මේ ඇය ඒ භාවනාවට ගිහින් ඉන්නද්දි ගත්ත ජායාරූප. නදීෂගේ මේ ජායාරූප අප වෙතට පමණක් ලැබී තිබුණා.

භාවනා කරණ එක හොඳයි සිත සමාදි ගත කරගෙන ජීවිතේ ඉවසීම ප‍්‍රගුණ කරගෙන තමන් කරණ වෘත්තීය නිසි ලෙස කරගෙන යන්නට උපකාරී වනවා බටහිර රටවල බොහෝ අය මේ ආකාරයෙන් භාවනා වැඩ සටහන් වළට, යෝග ව්‍යායාම් වළ නිරත වෙමින් අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සිය කාලය යොමු කරනවා.

නදීෂා තවම අවිවාහකයි, මේ දිනවල ඇගේ ජීවිතයට මේ ආකාරයේ අධ්‍යාත්මික සවුය ඇකි වෙන්නට ඇය හේතුවන කාරණාත් ඇති, නදීෂා හේමමාලී භාවනා කරලා ජීවිතේ බොහෝදේවල් අත් ඇරලා යයිද නම් දන්නෙ නැහැ,

Tuesday, February 26, 2013

ඔය විදිහට හුදකලා වෙන්න එපා !

ද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය.තනිවීම බැඳීම් කෙරෙහි ආශක්තබව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි.රුක්ඛමූල,ශුන්‍යාගාර,ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍ෙයහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලා‍වෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ.
 
මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය. බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ. බාහිර දියුණුව මානය,මච්ඡරිය වැනි සෙසු අකුසල ධර්ම වර්ධනයටද හේතුවකි. ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි.කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ.
 
දුක, වේදනාව, කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය. මනුෂ්‍යත්වටද එබැවින් ඒ කරුණු අදාළ වේ. මනුෂ්‍යත්වට සෙසු ජීවින්ට නොමැකි බුද්ධිමය පසුතලයක් ඇත.එබැවින් තමා අවට විද්‍යමාන සෙසු සාධක මැනවින් හසුරවාගෙන විසීමට මිනිසාට ඇති හැකියාව සෙසු ජීවීන්ට නොමැත. තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය. තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන්බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය.

බොර දියේ මාළු බාන්න එපා !

මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනයවුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්‍රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්‍රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි.වුවමනාවට වඩා සංකීර්ණ චිත්ත ස්වභාවයකට පරිවර්තනයවීම නොදන්නා දේ දැන ඉගෙනීමට බාධාවකි.
දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි.කලදුටුකළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති.
 
උත්සහවන්තබව දියුණුවට අදාළ අනෙක් දෙයයි.දිගුකලක් වැටී සිට නැවත අර්බුදවලින් ගොඩඒමට උත්සහය විශාල අත්වැලකි.තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ. නැති කරදරද ඇතිවිය හැක.ලුලා නැති වලට කනයා පණ්ඩිතයා විය හැකි අවස්ථාද වේ.බොහෝ විට එබඳු උපදේශවලට වඩා වටින්නේ තමන්ට හුරුපුරුදු අත්දැකීම් අනුව ක්‍රියා කිරීමයි.
 
කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව කෙනෙකුට හොඳක් කරන්නට ගොස් නරක නාමය අසා ගැනීමට ද ඇතැම් අවස්ථාවල සිදුවේ.මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවන බව දක්වා එබඳු අවස්ථාවල දී පවා ආත්මාර්ථකාමී යටි පරමාර්ථ ඇතිබවට සමහරු සැකකරති.අනිත් අයගේ අහේතුක සැකයට ලක්ව හිත රිදවාගන්නා බොහෝ අය අනුන්ට අනුකම්පා කිරීම ද භූමිකම්පාවක් සේ සලකති.වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ යැයි කියන්නේ එබඳු අවස්ථාවලදීය. හොඳ නරක ස්වයං බුද්ධියෙන් තමාටම වැටහේ නම් සිතැඟි අනුව කටයුතු කිරීමේ කිසි වරදක් නොමැත.නමුත් අත්තනෝමතිය සෑම අවස්ථාවකටම එකසේ නොගැලපේ.වඩා සුදුසු සියළු අදහස් කෙරෙහි විවෘතවීමයි.එවිට තමාගේද විවිධ අඩුපාඩු හා දුර්වලතා වටහාගැනීමට ඉඩකඩ ලැබේ.
 
ක්ෂණිකව තීරණයකට එළඹිය යුතු අවස්ථාවන්හි තමාගේ රුචිකත්වයට අනුව ක්‍රියාකිරීම ගැලපේ.තීරණයක් ගත නොහැකිව චංචලවීම එබඳු අවස්ථාවලදී අවාසිදායක වන බැවිනි.පුද්ගලයා සතු කළමනාකරණ හැකියාව එවන් අස්ථාවලදී මහත්සේ උපකාරීවේ.තමා සතු සම්පත් හා හැකියා පිළිබඳව නිවැරදිව තක්සේරු කරගැනීම උපායමාර්ගිකව වැදගත්ය.නිශ්චිත ඉලක්කයකට සියල්ල ගොනු කොට මැනවින් පරිපාලනය කළ හැකි වන්නේ නායක්ව කුසලතා වර්ධනය කරගැනීමෙනි.